Microsoft Visual Basic 6.0 For GCE O/L ICT, Sri Lanka (සිංහලින්) [Old Post]
අ.පො.ස (සා/පෙළ) අතිරේක තාක්ෂණික විෂයයක් ලෙසට තෝරාගතහැකි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයෙහි [ICT] ඇති ඉතාමත්ම ආකර්ෂණිය ඒකකයක් ලෙසට මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 හදුන්වාදීමට පුලුවනි. සෑම සිසුවෙක්ම විවධාකාර මෘදුකාංග සමාගම්වලින් නිපදවා ඇති මෘදුකාංග භාවිතා කරන අතරේ තමන් විසින්ම නිපදවන ලද කුඩා මෘදුකාංගයක් තම පරිගණකයේ ධාවනය කිරීමට ඉමහත් ආසාවෙන් පසුවන බව මා ඉතාමත් හොදින් දන්නා කරුණක්.