Microsoft Visual Basic 6.0 For GCE O/L ICT, Sri Lanka (සිංහලින්) [Old Post]
අ.පො.ස (සා/පෙළ) අතිරේක තාක්ෂණික විෂයයක් ලෙසට තෝරාගතහැකි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයෙහි [ICT] ඇති ඉතාමත්ම ආකර්ෂණිය ඒකකයක් ලෙසට මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 හදුන්වාදීමට පුලුවනි. සෑම සිසුවෙක්ම විවධාකාර මෘදුකාංග සමාගම්වලින් නිපදවා ඇති මෘදුකාංග භාවිතා කරන අතරේ තමන් විසින්ම නිපදවන ලද කුඩා මෘදුකාංගයක් තම පරිගණකයේ ධාවනය කිරීමට ඉමහත් ආසාවෙන් පසුවන බව මා ඉතාමත් හොදින් දන්නා කරුණක්. ඉතින් මේ බලාපොරොත්තුවට පොඩි හරි තල්ලුවක් ලබාදීමට ICT විෂයය නිර්දේශයට Visual Basic 6.0 කොටස ඇතුලත් කිරීම මගින් ඔවුන් විසින් කර තිබෙනවා.ICT විෂයය නිර්දේශයෙහි Visual Basic 6.0 කොටස ආවර්ණය වන ලෙසට සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම් අත්වැලක් (Video Learning Guides) සදහා මෙතනින් පිවිසෙන්න